Tuesday, April 26, 2011

බමර කව්

                                                                    ඡිවිතයේ විවිධාකාර වු අත්දැකීම් හා දුක් වේදනා පදනම් කරගෙන ගැමියන් විසින් පද බදින ලද නිර්මාන රාශියක් අපේ ඡන කවි අතර වේ. බමර කවිද එවැනි ඡන කවි විශේෂයකි.බමර කැපිමේදි ඇති දුෂ්කරතා හා මානසික හැගීම් මෙම කවි වලින් කියවේ.

බැද්ද වටට සුදු මොර මල් පිපි ලා
සද්ද කර බමරු ඒ වග කියා ලා
ඉටිත් පැණිත් ලොව හැමටම බෙදා ලා
යන්නන් බමරු දුක් මැසිවිලි කියා ලා

බමරු අඩන්නා කදු අස නෙළුම් මලේ
බමරු පිට දෙබරු නාඩත් ද මොර මලේ
මුතු කුඩ සේ රැලි අල්ලා බදිති ගෙලේ
පැදලා කපාපන් රුසිරු ගොයිදු හෙලේ

රොනට යන බමරු රොන් අරගෙන එද්ද
මලට යන බමරු මල් අරගෙන එද්ද
දියට යන බමරු දිය බීගෙන එද්ද
යන්ට යන බමරු අඩ අරගෙන එද්ද

කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල බලා
මන්දෙන් බදින්නේ අසු නොවන වල් කුලා
දැන් දැන් ලියන්නේ සිත්තම දුරින් දුරා
යන්නෙමි මල්ලියේ සදගල වැටෙන තුරා

ඔතන ඉදින්නා මෙතනට පෙනෙන් නා
ඔතනට එන්න මගෙ සිත කර කැවෙන් නා
කතා කරන කට හඩ කන නො වැටෙන් නා
හයියෙන් කතා නොකරන් පපුව දන් නා

හේලි හෙළේ හෙළ වට කරැ කැවිල්ල
ගල් නළළේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැද යනකොට කරැ කැවිල්ල
මඩු ගම හෙළ බලතොත් මෙහි වරෙල්ලා

උඩ මාලේ මල් වැසි වැස්සත් යනවා
බිම් මාලේ මල් වැසි වැස්සත් යනවා
ලිප ලිග්ගල තුන වෙන් වූවත් යනවා
නා ගස බමර කැපුමට දෙන්නම යනවා

මලේ හැම තැනම බමරුන් අඩන්නා
බමර බැද්ද තැන අපි වද සොයන්නා
බමර කපා පැණි හැමටම බෙදන්නා
බමරු තොපට පිං අත්වෙයි කියන්නා

නව නවා බමර අතු අග යන කලට
නැමි නැමි කදින් බර විය අතු අගට
වදේ කඩා බැරිවුණි එය බාන්නට
මුලෙන් කද බිදුණි දෙන්නගේ කරුමයට

කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
ගසේ සිටියදි හැරපොට කපා බසී
බමරු සිය දහස් ඇග ලේ උරා බොතී
පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී

No comments:

Post a Comment