Tuesday, April 26, 2011

උපදෙස් කවි

                                                                     

















                                                                 මෙම කවිවලින් කියවෙන්නේ තම නිවසේ මෙන්ම අහළ පහළ අය වටේ හිදුවා ගෙන වැඩ වැරූ අවස්තාවල  විවේකය ගතකරණ  අයුරුය  මෙහිදි  වටිනා ඔවදන් මිහිරි කවියෙන් බෙදා දෙ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එදා සමාජයෙන් සමාජ විෂමචාර අඩුවී පැවැතිණි. සමාජය සුමගට ගැනීමට ඉවහල් වන කවි බාල මහළු තරුණ හැමදෙනාටම උපදෙස් දෙමින් රචනා කර තිබුණි    සාමාන්‍ය ජිවිතය තුළ අදත් ඉතාම වැදගත් වන කවි උපදෙශ මෙ ජන කවි තුළ දැකිය හැක


දුක සැප ලෝ‍කයේ කාටත් කැරකී එන්නේ
අද ධනවතා හෙට දුප්පත් වී යන්නේ‍
රජකම් කරත් කළකම් පල දී යන්නේ
ධනයෙන් ඵලක් නැත ගතිගුණ මිස උන්නේ


පැණි රසත් තිත්තවෙයි පිත් කෝපයට
බලවතතත් දුබල වේ පත් රෝගයට
ඇස් ඇතත් දෝස නොපෙනෙයි රාගයට
හිතවතත් නොහොද වෙයි හිත උඩගුවට
විපතක් පැමිණි විට දිනකදි යමකු හට
පිළියම් කළ යුතුයි කල් නොයවා එයට
ගිනි ගෙන දැවෙණු දැක තම ගෙයි වහල යට
නොසිටිණු ළිං කැපීමට එය නිවීමට

රන් මල සේම මම ලස්සන නැතුවාට
නා මල සේම සුදු රුපියල් නැතුවාට
පෙති ගෝමර අළු ගෝමර නැතුවාට
ඔහොම කතා නොකරන් මස්සිනේ මට

සුවද නැති මලක් අපේ                 වත්තේ
සුවද නැති නමුත් ලෝකෙට රුව  ඇත්තේ
එකයි දෙකයි තුන හතරයි එක     ඉත්තේ
එරබදු මලට විතරයි බමරිදු          නැත්තේ

No comments:

Post a Comment