පැරණි හෙළයා සැඩි ශ්‍රමය හා මහන්සිය තුළින් තම දිවිය සරි කර ගත්හ
ඔවුහු කෂිකර්මය පදනම් කරගනිමින් ඡීවත් වූහ.ඔහුන්ගේ ප්‍රධානතම භෝග වුයේ වී ගොවිතැන හා හේන් ගොවිතැන ය.මෙහිදි හේන් ගොවිතැන සදහා කුරක්කන් , මුං , බඩඉරිගු , කවුපි , වැනි දේවල් වගා කළහ.මෙහි සදහන් කර ඇත්තේ කුරක්කන් කවි පිළිබදවයි. මෙහිදි ගොවින් කුරක්කන් කපන අවස්ථාවේදි ඔහුන්ගේ වෙහෙස නිවා ගැනීම සදහා කිව් කවි කුරක්කන් කවි ලෙස හැදින්වේ.
මුලදි කැලේ හැටි බැලුවම කුමක් වැනි
පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි
හේන කොටා ගිණි තිබ්බම කුමක් වැනි
බදින දවසේ එළිකල මගේ මුහුණ වැනි
කුරක්කනේ පොඩි පැල් පත කුමක් වැනි
විසි වයසේ මගේ කම්මුලේ පෙනුම වැනි
පීදිගෙන එන කුරහන් කුමක් වැනි
අලුත් ළමිස්සියකගේ මල් හිනා වැනි
බණ්ඩි කුරක්කන් පැද්දෙනු කුමක් වැනි
පොඩි නෑනා දුර සිට අත වනන වැනි
පැසී තිබෙන විට කුරහන් කුමක් වැනි
පෝරුව උඩ මනමාළියගේ ඔළුව වැනි
නැමි තිබෙන රතු කුරහන් කුමක් වැනි
මගුල් ලගදි නෑනා ඉස වනන වැනි
කරල් කපා මලු පුරවනු කුමක් වැනි
අතිරස උයා මගුලට එක් කරනු වැනි
කැපු කුරක්කන් ගෙන යනු කුමක් වැනි
මනමාළිය කැන්දාගෙන යන්න වැනි
වංඩුව බැද තැනු පිට්ටුව කුමක් වැනි
මිරිසවැටිය අව්වට දිළිසෙනා වැනි
ගම රාළගේ කට එතකොට කුමක් වැනි
වළාකුලෙන් මතු වි එන සදක් වැනි
ඒක දැකපු කම්මැලි කට කුමක් වැනි
කරත්තයට අසුවුණ කඡු ලෙල්ල වැනි
No comments:
Post a Comment