සිංහල ගැමි කාන්තාවන්ගේ ජීවිතය කවදත් කාර්ය බහුල එකක්විය. තම ගෙදර දොරේ ඉවුම් පිහුම් කටයුතු මෙන්ම හේනේ, කුඹුරේ ස්වාමියාට සහය දීමටද කුඩා දරුවන් රැක බලා ගැනීමද ඇය කරනු ලැබුයෙ අපරිමිත සෙනෙහසකිනි. ගැමි කාන්තාව තම මුවින් ඇද හැලෙන සෙනෙහෙබර හැගුම් පිරි වතින් කුඩා බිළිදා නිදිසුව ගැන්වීය. සෑම බිළිදකුගේම කන වැකෙන මුල්ම ගීය දරු නැළවිලි ගීයයි. එහි වර්ණාර්ථය දරුවාට නොවැටහෙන නමුත් නාද රටාවේ ඇති මිහිරියාවෙන් දරුවා නැළවේ. මවට ඇගේ උරුමයෙන් ලැබුණු දරු නැලවිල්ල වැදි පරපුරේ ඇත්තන් වෙත ඇත. දරු නැළවිල්ලේ ඇති නාද රටා සිංහල සාහිත්‍යයේ ඉතා වැදගත් දායාදයන් වේ.
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ
නුබේ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
අඹර කුරක්කන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
උකුළෙහි දග කර කිරි බීලා
වැටී අඩන දණ බිම ගාලා
දකින අයට නුඔ පියකරු ලීලා
වෙන සැප කුමට ද ලල ලල ලාලා
සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්න පුත රන් කිරී
No comments:
Post a Comment