Tuesday, April 26, 2011

පැල් කවි




පැල් කවි අයත් වන්නෙ රැකියා කවි ගණයටයි පැල්කවි ගැමියන්ගෙ මුවින් නිකුත් වුයෙ තමන්ගෙ පැළට වී තනිව පැල් රකින විටය වෙහෙස වි පැල රැකීමට කටයුතු කරන ගැමි මුවින් නික්මෙන කවි තුළින් ඔවුනට වෙහෙස අමතකව යයි නමුදු කිසිදින ඔවුන්ට නිදහසක් නැත මෙම පැල් කවි තුළින් පැල් රැකීමදි මුහුණ දෙන කම්කටළු ද ගෙන හැර දක්ව යි


ලක් සන හිමව‍තේ මාවී පැසෙ න්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරි න්නේ
රැක් මෙන දෙවියනේ වෙලේ බත බුදි න්නේ
දුක් පත්කම නිසයි මම පැල් රකි න්නේ

වෙලක මහිම බල මාවී පැසී ලා
පැලක මහිම බල බට කොල හොයා ලා
මලක මහිම බල අතු අග පිපි ලා
ළියක මහිම බල ගෝමර ඉසි ලා

ඇල් හේනේ උඩ මැස්සේ සිටින නගෝ
ඇදි සේලේ රැළි සුළගට නගන නගෝ
කකා බුලත් සප සුළගට නගන නගෝ
කුරුණෑගලට මග නොසගව කියකෝ නගෝ

කන්ද උඩින් එන කිකිළි සේ ගෝමරි යේ
නළල් වටින් එන දාඩිය මුතු සැටි යේ
අත පා මුදු පය පා මුදු වයිරෝඩි යේ
මට පිටිපා ගෙට යනවද සුරතලි යේ

වෙල හොද මොකද යල මහ පාලු වේ නම්
පැල හොද මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොද මොකද අතු අග පරවයේ නම්
ලිය හොද මොකද ඉසි ගොමර මැකේ නම්

No comments:

Post a Comment