ඡිවිතයේ විවිධාකාර වු අත්දැකීම් හා දුක් වේදනා පදනම් කරගෙන ගැමියන් විසින් පද බදින ලද නිර්මාන රාශියක් අපේ ඡන කවි අතර වේ. බමර කවිද එවැනි ඡන කවි විශේෂයකි.බමර කැපිමේදි ඇති දුෂ්කරතා හා මානසික හැගීම් මෙම කවි වලින් කියවේ.
බැද්ද වටට සුදු මොර මල් පිපි ලා
සද්ද කර බමරු ඒ වග කියා ලා
ඉටිත් පැණිත් ලොව හැමටම බෙදා ලා
යන්නන් බමරු දුක් මැසිවිලි කියා ලා
බමරු අඩන්නා කදු අස නෙළුම් මලේ
බමරු පිට දෙබරු නාඩත් ද මොර මලේ
මුතු කුඩ සේ රැලි අල්ලා බදිති ගෙලේ
පැදලා කපාපන් රුසිරු ගොයිදු හෙලේ
රොනට යන බමරු රොන් අරගෙන එද්ද
මලට යන බමරු මල් අරගෙන එද්ද
දියට යන බමරු දිය බීගෙන එද්ද
යන්ට යන බමරු අඩ අරගෙන එද්ද
කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල බලා
මන්දෙන් බදින්නේ අසු නොවන වල් කුලා
දැන් දැන් ලියන්නේ සිත්තම දුරින් දුරා
යන්නෙමි මල්ලියේ සදගල වැටෙන තුරා
ඔතන ඉදින්නා මෙතනට පෙනෙන් නා
ඔතනට එන්න මගෙ සිත කර කැවෙන් නා
කතා කරන කට හඩ කන නො වැටෙන් නා
හයියෙන් කතා නොකරන් පපුව දන් නා
හේලි හෙළේ හෙළ වට කරැ කැවිල්ල
ගල් නළළේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැද යනකොට කරැ කැවිල්ල
මඩු ගම හෙළ බලතොත් මෙහි වරෙල්ලා
උඩ මාලේ මල් වැසි වැස්සත් යනවා
බිම් මාලේ මල් වැසි වැස්සත් යනවා
ලිප ලිග්ගල තුන වෙන් වූවත් යනවා
නා ගස බමර කැපුමට දෙන්නම යනවා
මලේ හැම තැනම බමරුන් අඩන්නා
බමර බැද්ද තැන අපි වද සොයන්නා
බමර කපා පැණි හැමටම බෙදන්නා
බමරු තොපට පිං අත්වෙයි කියන්නා
නව නවා බමර අතු අග යන කලට
නැමි නැමි කදින් බර විය අතු අගට
වදේ කඩා බැරිවුණි එය බාන්නට
මුලෙන් කද බිදුණි දෙන්නගේ කරුමයට
කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
ගසේ සිටියදි හැරපොට කපා බසී
බමරු සිය දහස් ඇග ලේ උරා බොතී
පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී
Tuesday, April 26, 2011
පැල් කවි
පැල් කවි අයත් වන්නෙ රැකියා කවි ගණයටයි පැල්කවි ගැමියන්ගෙ මුවින් නිකුත් වුයෙ තමන්ගෙ පැළට වී තනිව පැල් රකින විටය වෙහෙස වි පැල රැකීමට කටයුතු කරන ගැමි මුවින් නික්මෙන කවි තුළින් ඔවුනට වෙහෙස අමතකව යයි නමුදු කිසිදින ඔවුන්ට නිදහසක් නැත මෙම පැල් කවි තුළින් පැල් රැකීමදි මුහුණ දෙන කම්කටළු ද ගෙන හැර දක්ව යි
ලක් සන හිමවතේ මාවී පැසෙ න්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරි න්නේ
රැක් මෙන දෙවියනේ වෙලේ බත බුදි න්නේ
දුක් පත්කම නිසයි මම පැල් රකි න්නේ
වෙලක මහිම බල මාවී පැසී ලා
පැලක මහිම බල බට කොල හොයා ලා
මලක මහිම බල අතු අග පිපි ලා
ළියක මහිම බල ගෝමර ඉසි ලා
ඇල් හේනේ උඩ මැස්සේ සිටින නගෝ
ඇදි සේලේ රැළි සුළගට නගන නගෝ
කකා බුලත් සප සුළගට නගන නගෝ
කුරුණෑගලට මග නොසගව කියකෝ නගෝ
කන්ද උඩින් එන කිකිළි සේ ගෝමරි යේ
නළල් වටින් එන දාඩිය මුතු සැටි යේ
අත පා මුදු පය පා මුදු වයිරෝඩි යේ
මට පිටිපා ගෙට යනවද සුරතලි යේ
වෙල හොද මොකද යල මහ පාලු වේ නම්
පැල හොද මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොද මොකද අතු අග පරවයේ නම්
ලිය හොද මොකද ඉසි ගොමර මැකේ නම්
දරු නැළවිළි ගී.........
සිංහල ගැමි කාන්තාවන්ගේ ජීවිතය කවදත් කාර්ය බහුල එකක්විය. තම ගෙදර දොරේ ඉවුම් පිහුම් කටයුතු මෙන්ම හේනේ, කුඹුරේ ස්වාමියාට සහය දීමටද කුඩා දරුවන් රැක බලා ගැනීමද ඇය කරනු ලැබුයෙ අපරිමිත සෙනෙහසකිනි. ගැමි කාන්තාව තම මුවින් ඇද හැලෙන සෙනෙහෙබර හැගුම් පිරි වතින් කුඩා බිළිදා නිදිසුව ගැන්වීය. සෑම බිළිදකුගේම කන වැකෙන මුල්ම ගීය දරු නැළවිලි ගීයයි. එහි වර්ණාර්ථය දරුවාට නොවැටහෙන නමුත් නාද රටාවේ ඇති මිහිරියාවෙන් දරුවා නැළවේ. මවට ඇගේ උරුමයෙන් ලැබුණු දරු නැලවිල්ල වැදි පරපුරේ ඇත්තන් වෙත ඇත. දරු නැළවිල්ලේ ඇති නාද රටා සිංහල සාහිත්‍යයේ ඉතා වැදගත් දායාදයන් වේ.
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ
නුබේ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
අඹර කුරක්කන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
උකුළෙහි දග කර කිරි බීලා
වැටී අඩන දණ බිම ගාලා
දකින අයට නුඔ පියකරු ලීලා
වෙන සැප කුමට ද ලල ලල ලාලා
සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්න පුත රන් කිරී
සසද කවි
“ස” අක්ෂරය මුල් කර ප්‍රබන්ධ කල නිසා සසද කවි ලෙස මේවා නම් කරන්නට ඇත. “සසද” යනු කලා සැට සපිරුණ සදයි. සක යනු ගැල් සකයි. ගල් සක හෙවත් කරත්ත රෝදය ද පිරුණු සද මෙන් වටකුරුය. දිගැසිය ගේ උකුල මැනවින් වටව වැඩි ඇති බැවින් සක් සදට එයද සමානය. මෙම කවි වල “ස” අක්ෂරය බහුලව යෙදු නිසා මේ කවි සසද කවි ලෙස හැදින්වීම අර්ථාන්විතය.
සසද සසද සද මැද ඇති සාවුන්ට
මත් කෙලි බදට දොළදුක් ඇති එළදුන්ටඅඩිය සදපු වට නාමල බඔරුන්ට
මල් කැකුලට සිත් බැන්දේ කුමරුන්ට
සස් සද කුලේ සාවෙකු වැලි කෙළින්නා
එම සද පුරේ සිවලෙකු වැල බාන්නා
ගහකට උඩින් ගවයෙකු වැල බාන්නා
ඇතෙකු අරන් සිවලෙකු අහසින් යන්නා
කුරක්කන් කවි
පැරණි හෙළයා සැඩි ශ්‍රමය හා මහන්සිය තුළින් තම දිවිය සරි කර ගත්හ
ඔවුහු කෂිකර්මය පදනම් කරගනිමින් ඡීවත් වූහ.ඔහුන්ගේ ප්‍රධානතම භෝග වුයේ වී ගොවිතැන හා හේන් ගොවිතැන ය.මෙහිදි හේන් ගොවිතැන සදහා කුරක්කන් , මුං , බඩඉරිගු , කවුපි , වැනි දේවල් වගා කළහ.මෙහි සදහන් කර ඇත්තේ කුරක්කන් කවි පිළිබදවයි. මෙහිදි ගොවින් කුරක්කන් කපන අවස්ථාවේදි ඔහුන්ගේ වෙහෙස නිවා ගැනීම සදහා කිව් කවි කුරක්කන් කවි ලෙස හැදින්වේ.
මුලදි කැලේ හැටි බැලුවම කුමක් වැනි
පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි
හේන කොටා ගිණි තිබ්බම කුමක් වැනි
බදින දවසේ එළිකල මගේ මුහුණ වැනි
කුරක්කනේ පොඩි පැල් පත කුමක් වැනි
විසි වයසේ මගේ කම්මුලේ පෙනුම වැනි
පීදිගෙන එන කුරහන් කුමක් වැනි
අලුත් ළමිස්සියකගේ මල් හිනා වැනි
බණ්ඩි කුරක්කන් පැද්දෙනු කුමක් වැනි
පොඩි නෑනා දුර සිට අත වනන වැනි
පැසී තිබෙන විට කුරහන් කුමක් වැනි
පෝරුව උඩ මනමාළියගේ ඔළුව වැනි
නැමි තිබෙන රතු කුරහන් කුමක් වැනි
මගුල් ලගදි නෑනා ඉස වනන වැනි
කරල් කපා මලු පුරවනු කුමක් වැනි
අතිරස උයා මගුලට එක් කරනු වැනි
කැපු කුරක්කන් ගෙන යනු කුමක් වැනි
මනමාළිය කැන්දාගෙන යන්න වැනි
වංඩුව බැද තැනු පිට්ටුව කුමක් වැනි
මිරිසවැටිය අව්වට දිළිසෙනා වැනි
ගම රාළගේ කට එතකොට කුමක් වැනි
වළාකුලෙන් මතු වි එන සදක් වැනි
ඒක දැකපු කම්මැලි කට කුමක් වැනි
කරත්තයට අසුවුණ කඡු ලෙල්ල වැනි
උපදෙස් කවි
මෙම කවිවලින් කියවෙන්නේ තම නිවසේ මෙන්ම අහළ පහළ අය වටේ හිදුවා ගෙන වැඩ වැරූ අවස්තාවල විවේකය ගතකරණ අයුරුය මෙහිදි වටිනා ඔවදන් මිහිරි කවියෙන් බෙදා දෙ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එදා සමාජයෙන් සමාජ විෂමචාර අඩුවී පැවැතිණි. සමාජය සුමගට ගැනීමට ඉවහල් වන කවි බාල මහළු තරුණ හැමදෙනාටම උපදෙස් දෙමින් රචනා කර තිබුණි සාමාන්‍ය ජිවිතය තුළ අදත් ඉතාම වැදගත් වන කවි උපදෙශ මෙ ජන කවි තුළ දැකිය හැක
දුක සැප ලෝකයේ කාටත් කැරකී එන්නේ
අද ධනවතා හෙට දුප්පත් වී යන්නේ
රජකම් කරත් කළකම් පල දී යන්නේ
ධනයෙන් ඵලක් නැත ගතිගුණ මිස උන්නේ
පැණි රසත් තිත්තවෙයි පිත් කෝපයට
බලවතතත් දුබල වේ පත් රෝගයටඇස් ඇතත් දෝස නොපෙනෙයි රාගයට
හිතවතත් නොහොද වෙයි හිත උඩගුවට
විපතක් පැමිණි විට දිනකදි යමකු හට
පිළියම් කළ යුතුයි කල් නොයවා එයට
ගිනි ගෙන දැවෙණු දැක තම ගෙයි වහල යට
නොසිටිණු ළිං කැපීමට එය නිවීමට
රන් මල සේම මම ලස්සන නැතුවාට
නා මල සේම සුදු රුපියල් නැතුවාට
පෙති ගෝමර අළු ගෝමර නැතුවාට
ඔහොම කතා නොකරන් මස්සිනේ මට
සුවද නැති මලක් අපේ වත්තේ
සුවද නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ
එකයි දෙකයි තුන හතරයි එක ඉත්තේ
එරබදු මලට විතරයි බමරිදු නැත්තේ
ජන කවිය නම්..............
සාහිත්‍යය සමාජයෙ සුලමුල දක්වන ඒක් වාර්ථාවකි. ඒ වාර්ථාවෙ අත්හළ නෙහැකි සිතුවිළි අදහිළි පරපුරෙ නවතම ජනප්‍රිය රසාංගයකි ජනකවිය
ජනකවාය තරම් ජනතා සිතුමි පැතුම් ගැබ්වි අැති අනෙක් සාහිත්‍යාංගයක් නෙමැත්තෙය
පුරාණ සිංහළ ජනතාවගෙ ජාතික -අාගමික සාමාජික සහ සංස්කතික කරැණු පිළිඹ්ඹු කරන දර්පන තළයක් වැනි වැනි වු මෙම සාහාත්‍යය පෙදු වස්තුවක් ලෙස සැළකිය යුතුය
ස්වභාවික සෙන්දර්්යයෙන් රස පෙෂිත වු ජන කවිය මගින් ගැමි කවින්ගෙ සහජ කවිත්වය මෙන්ම නාර් ව්‍යජ සිතුවිළි සමුදාය ද මැනවිවකවන් ගම්‍යමාන වෙ
Subscribe to:
Posts (Atom)